අකුරු කරමු අපේ කතා. – Women Writing Migrant Stories – Sinhala Series
එන්න, අපි අකුරු කරමු, බෙදා ගමු අපේ කතා.
මේ ඇරයුම්, New South Wales වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ටයි.
“Key into Australia”, ස්වේච්ඡා සංවිධානය විසින් නොමිලේ සංවිධානය කරන වැඩමුළුවට සහභාගිවී ඔබ වැනිමවූ තවත් කාන්තාවන් හදුනා ගන්න.
මව්බිම හැරදා දෙවැනි මවක් සොයා ආ ඒ ගම්නේ රසමුසු මෙන්ම දුක්බර මතක අකුරු කිරීම ඔබට මෙන්ම තව බොහෝ දෙනෙකුට යහපතක් සළසන බව අපේ විශ්වාසයයි. මෙලෙස අකුරු කළ ඔබේ අත්දැකීම්, ඔබේ ආත්ම තෘප්තියට, අනාගත සංක්‍රමණික ප්‍රජාවේම ප්‍රයෝජනයට මෙන්ම මුළු මහත් ලෝකයේම සාහිත්‍යය රසය නැංවීමේලා හේතු වනු ඇත.
කීර්තිමත් ඔස්ට්‍රේලියානු – ඇමරිකානු ලේඛිකා Vivin Hammer (www.vivahammer.com) ගෙන්, සිත් ඇද ඇදගන්න ගන්නා ලෙස ලිවීමේ කලාව ඉගෙන ගෙන ඔබේ ලේඛන හැකියාව දියුණු කර ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
Multicultural NSW ආයතනයෙහි අනුග්‍රහයෙන් Key into Australia සංවිධානය මගින් පවත්වන මෙම වැඩ වැඩසටහන සංක්‍රමණික ශ්‍රී ලාංකික පසුබිමකින් පැවතෙන වයස අවුරුදු 20ට වැඩි සියලු කාන්තාවන්ට විවෘතයි